ජීවිතේ ගැන මට හැගෙන විදිය

5:27 PM


"ජීවිතේ මටනම් හරියට පැටලුනු නූල් බොලයක් වගේ. පැටලිලි එමටයි. සමහර වෙලවට එවා ලිහා ගන්න බැරිව අපි අන්ත අසරණ තත්වයන්ට පත්වෙනව. මේ පැටලිලි සහගත තැන් අතරෙ අපි ඉපදෙනකොටම අරගෙන ආපු දේවල් වගේම, අපිට ජීවන මගේ ගමන් කරද්දි ඇති වෙච්ච පැටලිලිත් තියෙනවා.  කොහොම උනත් මේ හැම පැටලිල්ලක්ම අපි ඉතා කල්පනාවෙන් ලිහාගන්න ඕනා නේද? එතකොට තමයි අපේ ජීවිත වල නියම රහ අපට තේරෙන්නෙ. හැබැයි එක දෙයක් කියන්නම ඕනා. කොයිම වෙලාවකවත් පැටලිල්ලක් ලිහා ගන්න බැරුව එතැනින්ම කඩලා දාලා අලුතින් නූල් බෝලෙ දිග හරින්න යන්නනම් එපා. මොකද ඊට පස්සෙ තව පැටලිල්ලක්  හමු උනොත් මොකද වෙන්නෙ කියල තමන්ගෙ හදවතටම තට්ටුවක් දාලා අහලා බලන්න. මොකද කාට කොහොම මොනවා කලත් අන්තිමට තමන්ට තමන් විතරමයි. ඒ පාඩම මමත් ලගදි තමයි ඉගෙන ගත්තෙ මගේම කෙනෙකුගෙන්"

Watch & Download movies

0 comments: