සඳ මඬලට හිනැහෙන්නට එපා කියන්න..

4:30 PM 0 Comments


සඳ මඬලට හිනැහෙන්නට එපා කියන්න.. වසන්තයට යලි එන්නට එපා කියන්න...
මගෙ පාලුව විඳගන්නට මට ඉඩ දෙන්න.. ඔබ ඈතින් ඉන්න.. මතකෙට නෑවිත් ඉන්න..

ගං ඉවුරට එපා කියන්න තරු යායට ඉගිලෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා ඉඳිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

මද පවනට දැවටෙන්නට එපා කියන්න මල් සුවදට ලංවෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා ඉඳිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න....

(ගායනය සෝමතිලක ජයමහ ශුරීන්)