ඔබේ දායකත්වය හැකි අයුරින් මැය වෙත ලබා දෙන්න..

5:23 PM 0 Comments


මේ නන්ගි ජීව්ත් වෙන්නේ පිලියන්දල දැල්තර. මෙයා මෑතකදි එක පාරටම ලියුකේමියා රෝගයට ගොදුරු වෙලා. මෙ නංගියගෙ අම්මයි තාත්තයි හරිම අමරුවෙන් තමයි මෙයාලව ජීවත් කරවන්නේ. මෙයාට අවුරුදු 13 වෙනවලු. මේ නංගිය සනීප කරන්න රුපියල් 4500,000ක් වියදම් කරන්න ඔනා කියල දොස්තරල කියනවලු. මේ අය එදා වේල හම්බකරගෙන ජීවත් වෙන උදවිය හැටියට කොහෙන්ද මෙච්චර මුදලක් එකපාර හොයාගන්නේ. ඔයාලට ටෙරෙනව නේද මම කියන දේ.

ඉතිං මමත් ගිය ඉරිද සිලුමිණ පත්තරේ රසදුන අතරේකය කියවද්දි තමයි මේ නංගියගේ විස්තරේ දැක්කේ. මට හිතුන මේ විස්තරේ බ්ලොග් එකේ දාන්න. ඔයාලට වැඩිදුර විස්තර දැනගන්න පුලුවන් 2011/07/03 සිලුමිණ පත්තරේ බලන්න. ඔයාලටත් පුලුවන්නම් සුලුවෙන් හරි මේ නංගියාට උදව්වක් කරන්න. ඒක තමයි මමත් බලපොරොත්තු වෙන්නේ. මම මේ නංගියගෙ පින්තූරෙකුයි එයාගෙ ගිනුම් අං කයයි පල කරන්නම්. තවත් දෙයක් කියන්න අමතක උනා. මෙයාල ජනාධිපති අරමුදලෙන් යම්කිසි මුදල් ප්‍රමානයක් ලබාගන්න ඉල්ලීමක් කරල තියෙනවලු. ඒ උනාට තවම ඒ මුදල් ලැබුනද නැද්ද කියලනම් මට මතක විදියට පුවත්පතේ සදහන් වෙලා තිබුනේ නෑ. කොහොම උනත් කමක් නෑ ඔයාලට පුලුවන් උදව්වක් තියෙනවනම් මේ නංගියට කරන්න.

රසදුන හොයාගන්න බැරි කවුරුහරි ඉන්නවනම් මගේ  Email Address එකට දැනගන්න අවශ්ය දෙයක් තියෙනවනම් මේල් එකක් දාන්න (andrew.ferdinandus@gmail.com).

ඒ නංගියාගේ දුරකතන අංක තියෙන නිසා ඔයාලටෙ පහසු වේවි.