කිරුල

7:48 PM 0 Comments

කිරුල රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි...
භරණි භරට පිළි මැණික් දිලෙන බිම..
රැකුනොත් මිස රන් කිරුලක් කොහිවෙද???

චණ්ඩ නපුරු සාගරේ.. ගිලෙන නැවු බලන්, අපිත් එහෙම සිටිනවාද සිතාලා බලවු..
මවුබිම ගිනි ගන්නවා.. අපි වීණා වයනවා...

අනතුර දැක ඇස් පියාන ඉන්න රග බලවු, පෙර දඹදිව සිරිත නොවෙයි සිතාලා බලවු...
මවුබිම ගිනි ගන්නවා.. අපි වීණා වයනවා...


සෝමතිලකජයමහ 
ශූරීන්ට උපහාරයක්ම වේවා! 

                                    
                                              

Watch & Download movies


වැටකොටු බැද

6:31 PM 1 Comments

වැටකොටු බැද මලක සුවද වටකර ගත නොහේ..
ආදරයේ නොනිම් සුවද අනන්තයට ඇදේ...

අපේ සිතුවිලි කුරුලන් වී එකට එකතු වුනේ...
ඒත් කිමද අපි දෙන්නා දෙලොවක තනි වුනේ...

එගොඩ මෙගොඩ අප වෙන්කල ගග ලෝදිය වුනේ...
ආදරයේ මහිමෙන් කිම ලෝදිය නොනිමුනේ...


                                                                            විශාරද නන්දා මලනී

Watch & Download movies


වරගන පෙර හරිනා

1:10 PM 0 Comments


වරගන පෙර හරිනා දේවිය දෙව් දහ වෙත වඩිනා....
ගිමන නිවන සිතිනා.. බැදුනයි මේ සල් තුරු සෙවනා...

රන් පැහැ නුබ ගැබිනා එකවර සාදු නාද නැගුනා
බෝසත් පුත් රුවනා වැඩියැයි මිහිකත සසල වුනා...

මා හිස සරසමිනා පිපුනා සත් පියුමන් පිපුනා
සසර ගමන් නොයනා සිරිපද පියුමන් මත තැබුනා...

උදාන පද ඇසුනා ඇසුනා මහ සිහ නද ඇසුනා
මේ පින්බර දසුනා දුටුව මම ලුම්බිණි සල් උයනා...

මම වෙමි ලුම්බිණි සල් උයනා...
මම වෙමි ලුම්බිණි සල් උයනා...

Watch & Download movies


ජීවිතේ ගැන මට හැගෙන විදිය

5:27 PM 0 Comments


"ජීවිතේ මටනම් හරියට පැටලුනු නූල් බොලයක් වගේ. පැටලිලි එමටයි. සමහර වෙලවට එවා ලිහා ගන්න බැරිව අපි අන්ත අසරණ තත්වයන්ට පත්වෙනව. මේ පැටලිලි සහගත තැන් අතරෙ අපි ඉපදෙනකොටම අරගෙන ආපු දේවල් වගේම, අපිට ජීවන මගේ ගමන් කරද්දි ඇති වෙච්ච පැටලිලිත් තියෙනවා.  කොහොම උනත් මේ හැම පැටලිල්ලක්ම අපි ඉතා කල්පනාවෙන් ලිහාගන්න ඕනා නේද? එතකොට තමයි අපේ ජීවිත වල නියම රහ අපට තේරෙන්නෙ. හැබැයි එක දෙයක් කියන්නම ඕනා. කොයිම වෙලාවකවත් පැටලිල්ලක් ලිහා ගන්න බැරුව එතැනින්ම කඩලා දාලා අලුතින් නූල් බෝලෙ දිග හරින්න යන්නනම් එපා. මොකද ඊට පස්සෙ තව පැටලිල්ලක්  හමු උනොත් මොකද වෙන්නෙ කියල තමන්ගෙ හදවතටම තට්ටුවක් දාලා අහලා බලන්න. මොකද කාට කොහොම මොනවා කලත් අන්තිමට තමන්ට තමන් විතරමයි. ඒ පාඩම මමත් ලගදි තමයි ඉගෙන ගත්තෙ මගේම කෙනෙකුගෙන්"

Watch & Download movies

පෙර වදනක්

4:56 PM 0 Comments

Add caption
පෙර වදනක් නැතී අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසු වදනක් නුබගෙන්...//

හැම හමුවීමකට... නියමිත අවසානයක් ඇත්නම්..
සියුම්ව ගයනා ගීයට විරාමයක් දේ නම්..
මට කුමටද තව පසුවදනක් නුබගෙන්,,

එක සෘතුවකට පසුව... තව සෘතුවක් පැමිණේනම්..
ගහ කොළ මල් දළුලා යායට අළුතින් සැරසේ නම්..
මට කුමටද තව පසුවදනක් නුබගෙන්,,

මගේ කවිය

12:26 PM 1 Comments

මගේ... කවිය ඉරා දැමුව කුමරියේ...
තව කවියක්... ලියා එවන්නම්..//
බිම නොදමා... කියවනවානම් තව කවියක් ලියා... එවන්නම්...
මගෙ කවිය ඉරා දැමුව කුමරියේ

සද ලග තරු දෙකක් වගේ ඔය ඇස් දෙක.........
මගේ දිහාවට හැරිලාවත් නොවාහල
සුලග දිගේ පාවී යයි නිල් වරලස වැරදීමෙන්වත් මගෙ සියොලග නොහැපී
මගේ කවිය ඉරා දැමුව කුමරියේ......

ලා දළු චාමර සලනා ඔය ඇස් දෙක
පෙරුම් පුරාගෙන උන්නත් මට නොලැබෙන
සන්සාරේ කවදා හෝ මතු දවසක එක මොහොතක් උදා වේද නුබ හිමිවන
මගේ කවිය ඉරා දැමුව කුමරියේ......

Watch & Download free movies