සඳ සේ උදා වී

2:41 PM 0 Comments


සඳ සේ උදා වී මහදේ රැඳී.... හැමදාම සිටියේ ඔබයි......
අප පෙම් කතාවේ දුක් සෝක සංකා මෙතැකින් නිමාවු වගයි.....

කඳුලැල් සලාලා... දුක් නිබඳ විඳලා....
සැදූ අපගේ පෙම් මාලිගා...
නැත විසිර බිඳුනේ සවිමත්ව වැඩුනේ....
තිබූ අපගේ සෙනෙහේ නිසයි....

දෙ අතින්ම අල්ලා.... අද එක්ව යන්නේ....
සැමගේම සුපැතුම් මැදයි....
පිසගන්න කඳුලැල් හිනැහෙන්න මාහා....
සැමදාම ඔබ මාගේ දැන්....

Watch & Download movies


7:55 PM 0 Comments

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්... දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්...
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ...
නුඹයි අපෙ අම්මේ..........

සයුරක් වගේ කිරි දුන් කෙනෙක්... වෙරලක් වගේ පන දුන් කෙනෙක්...
ඔරුවක් වගේ පන දුන් කෙනෙක්...
වේ නම් ලොවේ... නුඹයි අපෙ අම්මේ..........

කඳුලක් වෙලා දුක් වූ කෙනෙක්... පියුමක් වෙලා තුටු වූ කෙනෙක්... ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්...
වේ නම් ලොවේ... නුඹයි අපෙ අම්මේ..........



ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

Watch & Download movies