හද බැඳි ගී 3 "සඳ කැන් ඇවිදින්"

7:52 AM 0 Comments

සඳ කැන් ඇවිදින් සුපිපුනු කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව ඉඳිකටු තුඩගින්
අනිනා නිහඩ පැයේ
නිදන්න සොදුරිය නිදන්න ඔබෙහිස සඟවා මාගෙ ලයේ...

නලියන මදනල පොපියන මල්වල
සුවඳක් සොයා ඇදේ
දිදුලන තරු කැළ නිල් නුබ ගැබ තුල
සඳ තුරුලෙහිම රැඳේ
 
සඳ කැන් ඇවිදින්.....
 
නැළවෙන තුරුහිස පිනි පොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුලැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ


සඳ කැන් ඇවිදින්.....

                                                ගායනය: අමරසිරි පීරිස්


Watch & Download movies


හද බැඳි ගී 2 (සුපෙම් හැඟුම්)

11:26 PM 0 Comments

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
නෞකවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ.. දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමුනොවන බව දනිම්
සිහිනය මියයා යුතුය මේ ලෙසින්

සුපෙම් හැඟුම් ඔබෙන් එපා.....

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකි බිඳිනෙමි වියරුවේ පාලුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යලි දකිනතුරු දොරින්...

සුපෙම් හැඟුම් ඔබෙන් එපා.....

                        
යුග ගායනය: ප්‍රදීපා ධර්මදාස සමග ලක්ශ්මන් විජේසේකර
                                



Watch & Download movies


හද බැඳි ගී 1 (බොල්පිනි වෑහෙන)

10:20 PM 0 Comments

බොල්පිනි වෑහෙන වේලාවේ ඔබගෙන් සමුගෙන යා යුතුවේ
තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මා නොකියා යන්නේ
බොල්පිනි වෑහෙන වේලාවේ.....

ගැලපිට නැගලා ඈත ගම් බලා
පියමන් කරවන්නේ
තවත් නිවහනක ගිමන් නිවනතුරු ඔබ සිහියට එන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ...

ඔබ අවදිව මා සොයනු එපා
ඈතයි මා ඉන්නේ
තවලම් කරුවෝ කවරදාකදෝ එකම තැනක උන්නේ
ඔබගෙන් සමුගෙන මා යන්නේ...


                                ගායනය : රූකාන්ත ගුණතිලක 
 

Watch & Download movies